(1881-1955)
නිකොලායි ෆෙචින්
කුඩා කල මෙනින්ගයිටිස් රෝගයෙන්
මරණාසන්න විය.
කලා ලෝකයේ වාසනාව නිසා
ඔහුගේ දිවි ගැලවිණ.
ෆෙචින්ගේ පියා ලී කැටයම්කරුවෙකු වූයෙන්
කුඩා කලම ඔහු සිය පියාගෙන්
ලී කැටයම් කලාව ඉගෙන ගත්තේය.
වයස එකොළහ වනවිට
ඔහු පල්ලියේ අල්තාරවලට
මෝස්තර ඇඳ දීමෙන්
පියාට සහය විය.
සාන්ත පීටර්ස්බර්ග් නගරයේ
ඉම්පීරියල් කලායතනයේ ශාඛාවක් ලෙස
කසාන් කලා විද්‍යාලය විවෘත කළ විට
වයස අවුරුදු දහතුනක්වූ ෆෙචින්
ඊට ඇතුළත්විය.
ඔහුගේ දක්ෂතාවය නිසා
සාන්ත පීටර්ස්බර්ග් නගරයේ
ඉම්පීරියල් කලායතනයේ
වැඩි දුර අධ්‍යාපන ලැබීමට වාසනාව ලද ෆෙචින්
එහිදී ඉල්යා රෙපින් සහ ප්ලිප් මල්යාවින් වැනි
දක්ෂ චිත්‍රශිල්පීන් සමග එකට ඉගෙනුම ලැබුවේය.
1904දී සයිබීරියාවේ සංචාරයක යෙදුන
ඔහු එහි වෙසෙන පාරම්පරික ජනතාව ඇඳීමෙන්
මහත් ආනන්දයට පත්වූවේය.කසාන් වලට
ආපසු පැමිණීමෙන් පසුවද
ඔහු පිටිසරබද පළාත්වල සැරි සරමින්
එම ජන ජීවිතය චිත්‍රයට නැගුවේය.
1909දෙ ඉහළම ගෞරව ඇතිව සාමාර්ථය ලැබූ
ෆෙචින් ඔහු අවසානයට නිර්මාණය කළ
චිත්‍රයට සම්මානයක් ලෙස
යුරෝපයේ ප්‍රධාන කලා නගරවල සංචාරය කරමින්
ඉගෙනීමෙහි යෙදීම සඳහා සංචාරක ශිෂ්‍යත්වයක් දිනා ගත්තේය.
1910දී මියුනික් නගරයේ පැවති
ජාත්‍යන්තර ප්‍රදර්ශනයේදී ඔහුට රන් පදක්කමක් හිමිවිය.
1910දී ඇමරිකාවේ පෙන්සිල්වේනියා නගරයේ
ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශනයකට
චිත්‍ර ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේය.
එම වසරේ සිට ඔහු
ඇමරිකාවේ නිව්යෝක් නුවර අනුග්‍රාහකයෙකු මගින්
ඔහුගෙ චිත්‍ර විකිණීම ඇරඹුවේය.
එම සංචාරයෙන් පසු කසන් වලට පැමිණි ෆෙචින්
වසර දහයක් ඉගැන්වීමෙහි යෙදුණේය.
ඔහුත් බොහුඑ දුරට ඉගෙනගෙන තිබුණේ
ස්වයං අධ්‍යයනයෙන් බැවින්
ඔහුගේ ඉගැන්වීම් ක්‍රම
දැඩි වෙහෙසකර අභ්‍යාස වලින් යුක්ත නොවුණ අතර
එනිසාම ඔහු ජනප්‍රිය ගුරුවරයෙක් විය.
චිත්‍රශිල්පයට අමතරව ඔහු 1920 - 1922 කාලය තුළ
වේදිකා නාට්‍ය සඳහා
වේදිකා පසුතල නිර්මාණයෙහිද යෙදුණේය.
රුසියානු විප්ලවයෙන් පසුව උදාවූ
දුෂ්කර සමයෙහිදී
ඔහුගේ දෙමාපියන්
ටයිපොයිඩ් උණ වැළඳීමෙන් මියගියහ.
1923දී ඔහු සිය බිරිඳත් දියණියත් සමග
ඇමරිකාවට සංක්‍රමණය විය.
ඒ වනවිටත්
ඇමරිකාවේ ප්‍රසිද්ධියට පත්ව සිටි ෆෙචින්
චිත්‍ර ශිල්පියෙක් ලෙස
කිහිපවරක්ම සම්මානයට පාත්‍ර විය.
චරිත ප්‍රකාශන චිත්‍රවලට
ඔහු දැක්වූ දක්ෂකම නිසා
ඔහුට ඇණවුම් ගලා ආවේය.
නිව්යෝක් නුවර කලායතනයේ උගන්වමින් සිටියදී
ක්ෂය රෝගයට ගොදුරු වූ ඔහුට
වියළි පරිසරයක පදිංචි වන්නට
වෛද්‍ය උපදෙස් ලැබුණේය.
ඒ හේතුවෙන්
මෙක්සිකෝවේ ටාඕස් කඳුකරයේ පදිංචි වූ ෆෙචින්
එහිදී රතු ඉන්දියානු ජන ජීවිතය දුටු ඔහුට
සයිබීරියාවේදී ඔහු විඳි සෞන්දර්යය
යළි සිහිපත් කළේය.
ඔහු නැවත උද්යෝගයෙන් චිත්‍ර අඳින්නට විය.
පසුව යළි නිව්යෝක් නගරයට පැමිණි ඔහු
ජපානය, ජාවා, බාලි ආදී රටවල සංචාරය කළේය.
1955දී මිය යනතුරු
ඔහු ඔහුගේ අවසාන කාලය ගත කළේ
සාන්ත මොනිකා නගරයෙහිය.
මෙක්සිකෝවේ ටාඕස් කඳුකරයේ
එදා පදිංචි වී සිටි නිවස
අද ඔහුගෙ චිත්‍ර හැටහතරක් අඩංගු
කෞතුකාගාරයක් බවට පත්කොට
රැකිය යුතු ඓතිහාසික ස්ථානයක් ලෙස
නම් කොට ඇත.
=====================================================
නිකොලායි ෆෙචින්ගේ චරිත ප්‍රකාශන චිත්‍ර
ෆෙචින් විසින් මේ චිත්‍ර බාහිර රේඛාව, Tone අවම කිරීම සමග අතිශය සජීවී අයුරින් නිර්මාණය කරලා තියනවා. අවශ්‍ය තැන් මතුකරමින් අනවශ්‍ය තැන් අත්හරිමින්, ඉතාම අරපිරිමැස්මෙන් චරිතය හුවා දක්වමින් චිත්‍රණය කරලා තියනවා. ඒ වගේම මුහුණුවල රළු හා මුදු බවට ගැලපෙන ශෛලීන් අනුගමනය කර තිබීමත්
No comments:
Post a Comment