20140816

ඉන්දියානු Water Colour චිත්‍ර ශිල්පීන්

තාරේ zසමීන් පර් චිත්‍රපටියේ
අවසාන දර්ශනයෙහි
අමීර් ඛාන් අඳින චිත්‍රය
සමීර් මොන්ඩල් නම්
ඉන්දියානු චිත්‍ර ශිල්පියාගේ නිර්මාණයකි
taare-zamin-par-painting

Sanjay Bhattacharya

Prafull Sawant
riverscape-painting 

Rajkumar Sthabathy

Ananta Mandal

Vikrant Shitole

Bijay Biswaal
Indian watercolor paintings

Indian watercolor galleryVijay 

Achrekar

Milind Mulick
river-painting-india 
Paresh Maity
indian-watercolor-art 
Ramesh Jhawar
indian-artists 
Sanjay Kamble
indian-paintings 

watercolor-painting-dove 

Amit Kapoor
indian-watercolor 
Abdul Salim
water-painting 

hut-painting

Source
http://fineartblogger.com/indian-watercolor-paintings/

20140812

"මේ පයිප්පයක් නෙමෙයි" - Rene Magrit





"මේ පයිප්පයක් නෙමෙයි"



රෙනේ මැග්‍රිට් 
ඔහුගේ මේ චිත්‍රය පිළිබඳව මෙසේ කියයි.

"ප්‍රසිද්ධ පයිප්පය.

 
මිනිසුන් ඒ පිළිබඳව
මට කොතරම් අවලාද,
නින්දා අපහාස කළාද?

 
ඔබට එහි දුම්කොළ පිරවිය හැකිද?

 
බැහැ. 

එය ප්‍රතීර්මාණයක් විතරයි.

එසේ නොවේද?

ඉතින් මම මගේ චිත්‍රයෙහි
"මේ පයිප්පයකි" කියා
ලියා තැබුවා නම්.....

මා කියන්නේ බොරුය."



 =================================

රෙනේ මැග්‍රිට්ගෙ චිත්‍ර
හැම එකකම වගේ
ලොකු සංයමයක්..
සංවරබවක් තියනවා.


රීති ගරු නොකරන අය
බුද්ධිමත් වෙන්න පුලුවන්.
ඒත් සංයමය, සංවරය, සංවේදී බව
 ඔවුන් ලඟ නැහැ.

Suzi Gablikට අනුව
ජියෝර්ජියෝ ද චික්‍රිගේ
"සෙනෙහසේ ගීතය"වැනි සිතුවම් දුටු රෙනේ
"සිතුවමක පින්තාරුව ඉක්මවා

කාව්‍යමය ලක්ෂණ ඉහල යාම"
දැක දෑසින් කඳුලු වැටෙන තරමේ
වෙනසකට බඳුන් වූ බවය.

"සිතුවමක පින්තාරුව ඉක්මවා
කාව්‍යමය ලක්ෂණ ඉහල යාම"
ඔහුට වැදගත් වූයේ
සිතුවමක් සිතුවමක් ලෙසින්ම
අවසානයක් දැකීම
වේලාසනින්ම ඔහුට එපා වූ බැවිනි.
 
ශෛලියක් පිහිටුවා ගැනීමෙන් පසුව
ඔහු නොකඩවා සැලකිලිමත් වූදේ
එම සිත්තර සෞන්දර්යවාදයට
ඉඳුරාම ප්‍රති විරුද්ධ විය.

රේනේ සිතුවමක ඇති පින්තාරුමය
සෞන්දර්‍යට විරුද්ධ සිත්තරෙකුට වඩා
සෞන්දර්යවාදී සිත්තරුන් තුළ ඇති

මන්ද බුද්ධික ස්වභාවයට විරුද්ධ සිත්තරෙක් .

සෞන්දර්යවාදී සිත්තරෙකුගේ
සෞන්දර්යවාදී කෘතියකින් දිස්වෙන්නේ
නිර්මාපකයාගේ මන්ද බුද්ධික ස්වභාවයයි.

ඕනම ක්ශේත්‍රයක
තමන්ගේ රාමුවක් හදාගෙන
කොටුවෙලා ඉන්න අයගෙ
එවැනි මන්ද බුද්ධිකභාවයක් තියනවා.

 සිත්තරෙකු ලෙස ඔහු හඳුන්වා දෙනවාට
විරුද්ධ වූ රෙනේ සායම් වල ආධාරයෙන්
සන්නිවේදනය කරන
චින්තකයෙකු ලෙස හැඳින්වීම

වඩාත් ප්‍රිය කළේය.
 
දාර්ශනික ඇඟවීම සහිත
කෘතීන් කරන සිත්තරුන් බොහෝ දෙනෙකු
හිතා මතාම "චින්තන" ගැලුනේ නැතත්
මැග්‍රිට් දර්ශනය පුලුල් ලෙස කියැවූ අතර
Hegel, Martin Heidegger, Jean-Paul Sartre
—සහ Michel Foucault
ඔහුගේ ප්‍රියතම ලේඛකයන් ලෙස හැඳින්වීය.

ශෛලියක් පිහිටුවා ගැනීමෙන් පසුව
ඔහු නොකඩවා සැලකිලිමත් වූදේ
එම සිත්තර සෞන්දර්යවාදයට
ඉඳුරාම ප්‍රති විරුද්ධ විය.

ඒ අනුව බලන විට
රීති අයිති වෙන්නේ
සිතුවමක ඇති පින්තාරුමය
සෞන්දර්‍යට නොවෙයි.

එහෙම වුණා නම් රෙනේ රීති
භාවිත කරන්නේම නැහැ.

රෙනේ පර්යාලෝක රීති පවා
රීතියට අනුවත්
ඔහුට අවශ්‍ය පරිදිත්
යොදාගෙන තියනවා.

රෙනේ දාර්ශනික කලාකරුවෙක් වුණේ
"සිතුවමක පින්තාරුව ඉක්මවා
කාව්‍යමය ලක්ෂණ ඉහල යාම"
අගය කිරීමෙන්.


දාර්ශනිකයා තර්ක බුද්ධිය ඇසුරෙන්
ඔහුට පෙනෙන ය්ථාර්ථය
පුළුල්ව විස්තර කරනවා.
ඔහු අවශ්‍යයෙන්ම විඳින්නෙ නැහැ.
කවියාට නොව්ඳ කවි ලියන්න බැහැ.
කවියා සම්ප්‍රේෂණය කරන්නෙ
ඔහු විඳින දේ
ඔහු දකින ආකාරයයි.

රෙනේ යනු
කවියා, දාර්ශනිකයා හා සිත්තරා
යන තිදෙනාගේම සම්ම්මිශ්‍රණයක්..
මේ චිත්‍රය ඊට හොඳ උදාහරණයක්.,
 
 
මේ චිත්‍රයෙන් පෙනෙන්නෙ
චිත්‍ර වලට අදාළව
රෙනේ මැග්‍රිට් තුළ රීති වලට තිබුණ ගරුත්වයයි.

 "මේ පයිප්පයක් නෙමෙයි"

මේ වචන වලින් පෙනෙන්නෙ
ස්වභාව ධර්මයේ
ගැඹුරු රීති ගැන ඔහුට තිබුණ
සංවේදී බව සහ
ඒ ගැඹුරු රීති ඉතා සරලවත්
ඕනෑම කෙනෙකුට දැනෙන අයුරිනුත්
ඉදිරිපත් කරන්නට
ඔහුට තිබුණ අපූර්ව
හැකියාවයි.

තමා කියා කෙනෙකු නැති බව
දනගන්නාතුරු කලාව නැති නොවෙයි.
තමා කියා කෙනෙකු නැති බව

දනගන්නට පෙර
තමා ඇති බව මැනවින් දැකිය යුතුය. 

තමා යැයි කෙනෙකු ඇති බවවත් නොදන්නා
උමතුවෙන් මෙන් හැසිරෙන්නවුන් මැද
තමා යැයි කෙනෙකු ඇති බව
හොඳින්ම දන්නාත් කලාකරුවාය.

=======================================

 "මේ පයිප්පයක් නෙමෙයි"

 මේ වචන වලට උඩින් තියෙන චිත්‍රය නැත්නම්
මොකද වෙන්නෙ?


එතකොට
මේ වචන නිකම්ම නිකම් වචන ටිකක්ද ?

වචන නැතුව
පයිප්පයට පැවැත්මක් තිබුණත්
චිත්‍රය නැතුව වචන ටිකනම්
වැඩක්ම නැතුව යනවා.

චිත්‍රය කියන්නෙ පයිප්පයක් නොවෙනවා වගේම
චිත්‍රය නැතුව වචන කියන්නෙත් අර්ථය නෙමෙයි.
"මේ පයිප්පයක් නෙමෙයි" 

ඔහු මේ කියන්නෙ ඔහුගෙ දැක්ම.


අපි දකින දේ ඇත්ත නෙමෙයි.
සෞන්දර්යය තුළ අතරමං වෙන්න එපා
කියන එකයි ඔහු කියන්නෙ.
 
බොදුනුවෙක් නොවුණට
ඔහු ප්‍රඥාවන්තයෙක්.
ඔහුගෙ දැක්ම
කාගෙන්වත් ණයට ගත්ත
සරුවාලයක් නෙමෙයි.

ඔහු චිත්‍රෙ ඇඳල වචන දැම්මත් නෙමෙයි.
වචන වලට චිත්‍රෙ ඇන්දත් නෙමෙයි.
ඔහුගෙ දක්ම සහෘදයන්ට
සම්ප්‍රේෂණය කරන්න
ඔහු මේ දෙකම උපරිමයෙන්
උපයෝගී කර ගත්තා.
ඔහුගෙ වෑයම සාර්ථක වුණා නම්
ඔබේ හිත නතර විය යුතුයි.
ඔබ මේ දකින්නෙ
පයිප්පයක නොවන බව
ඔබට වැටහිය යුතුයි.

ඒත් ඒ සංහිදියාව
ඔබ තුළ නැත්නම්
ඔබ කරන්නෙ
හිතන්න පටන් ගන්න එකයි.


=======================================


මෙම චිත්‍රයෙන් රෙනේ මැග්‍රිට් කියන්නට යන සත්‍යය
එනම් අවිද්‍යාව

නිරන්තරයෙන්ම අපේ ජනතාවගේ සවනින් ඇතුළු වන
එහෙත් ඇතුළාන්තයෙහි කිසිදු වෙනසක් නොකොට
ආවාසේම නිරුපද්‍රිතව අනෙක් පසින් පිටවී යන
සදාතනික සත්‍යතාවයකි.

සත්තකින්ම
රෙනේ මැග්‍රිට් පවසන සත්‍යය
පසිඳුරන්ට සහ මනසටත් සත්‍යයක් වූ
අවිද්‍යාවෙහි එක් පැතිකඩක් පමණෙකි.



 යන්තම් පයිප්පෙක හැඩයක් දැක්ක ගමන්
අපි පයිප්පෙ ගැන ලියාගෙන තියන දේ
එකතු වෙලා
අපි අපේම පයිප්පයක් දකිනවා.


පයිප්පය කියල අපි කියන්නෙ
මේ චිත්‍රයෙ තියන
පයිප්පයවත් නෙමෙයි.
මට ලැබෙන අත්දැකීම්
මට ලැබෙන්නේ
එක එක විදියෙ චිත්ත රූප වශයෙන්..

සැබෑ දේ ඒ විදියෙන්ම
ඔලුව ඇතුලට එන්නෙ නැහැ.

ඉන්ද්‍රිය පහෙන්
පස් විදියක රූප ඇතිවෙනවා.
සිතත් වෙනම රූප
මවා ගන්නවා.

බිත්තරයක් දැක්කාම
අපි කුරුල්ලෙක් මවා ගන්නවා.
By රෙනේ මැග්‍රිට්
කණට ශබ්දයක් ඇහෙනකොට
ඇහැට රූපයක් පෙනෙන කොට
ඒකට නිශ්චිත රූපයක් තියනව.

මම රූපය කියන්නෙ
එළියෙ තියන රූපයට නෙමෙයි.
ගේ ඇසේ
දෘෂ්ඨි විතානයේ
ස්පර්ශ වන රූපය ඇසුරෙන්
විඥ්ඥාණය තනා දෙන
චිත්ත රූපයටයි.

ඇත්ත පයිප්පයක් දැක්කත්
වෙන්නෙ ඔය ටිකම තමයි.
ඒත් ඒක තේරුම් ගන්න අමාරුයි.
http://foucault.info/documents/img/notapipe/surrealistplumber.jpg
සැබෑම පයිප්පයක්
රාමුවක සවි කරලා
"මෙය පයිප්පයක් නොවේ"
කියලා යටින් ලිව්වත්

යම් දුරකට ඒක ඇත්තක් නේද?

පයිප්පයකට දුම්කොළ පුරවලා
දුම්බොන කෙනෙකුට විනා
වෙනත් කෙනෙකුට
පයිප්පය පයිප්පයක්ද?

රාමුවෙ තියෙන්න
සැබෑ පයිප්පයක් වුණත්
එය බලන කෙනාට
දෘශ්‍ය රූපයක් විතරයි.

 දෘෂ්‍ය රූපයක අපි දකින්නෙ
ඒ තියන දේ නෙමෙයි බව
අපි පැහැදිලිවම දන්නවා.
 
ඒත් චිත්‍රය අඳින චිත්‍ර ශිල්පියාම
"මේ ඔබ දකින දේ නෙමෙයි"
කියල කියද්දි
දේශපාලනඥයෙක් කතාවක් අවසානයේ
"මම කිව්වෙ බොරු" කියල කිව්ව වගේ දැනෙනවා.
 
==================================
 


 මේ රෙනෙ මැග්‍රිට් නෙමෙයි.




http://www.magritte.be/fondation/wp-content/uploads/2012/02/2.jpg 
ඇහැට රූපයක් පෙනෙන කොට
ඒකට නිශ්චිත රූපයක් තියනව.

මම රූපය කියන්නෙ
එළියෙ තියන රූපයට නෙමෙයි.
ගේ ඇසේ
දෘෂ්ඨි විතානයේ
ස්පර්ශ වන රූපය ඇසුරෙන්
විඥ්ඥාණය තනා දෙන
චිත්ත රූපයටයි.

මේ මායාවෙන්
සැබැවින්ම මිනිසා මුදාගත හැක්කේ
බුදු දහමෙනුයි. 
 
බුදු දහම තුළත් ඍජුවම විදසුන මගිනුයි.
 
විදසුන් වඩන්නා තමා තුළ හෝ
බැහැර සිදුවන කිසිවක්
වෙනස් කරන්නට
කිසිදු උත්සාහයක් නොදරන අතර
ඒ සියල්ලම දෙස
එකවර..
සිහියෙන් සහ උපේක්ශාවෙන් වෙසෙයි.
 
තමා ප්‍රතිචාර දක්වන්නේ
බැහැර සිදුවෙන දේට නොව
තමා තුළම සිදුවන
සියුම් විපර්යාසයන්ටම බව
ඔහුට පසක් වෙයි.

පසිඳුරන් මවන රූප
සත්‍ය නොවන බවත්,
එම රූප සිය රුචි අරුචි බව අනුව
වර්ණනයවී, පෙරී එන
විකෘති සත්‍යයක් බවත්
තමා ඒ රූපවල වහලෙක් බවත්
ඔහුටම පෙනෙයි.

ඔහු තමාගේම වහල් බවින් මිදෙන්නේ  මේ දැක්ම නිසාය.
 

 ===============================================================



එක ඉන්දියානු කවියෙකුගෙන්
කෙනෙක් අහල තියනවා,
"ඔබ සඳ දකින්නෙ කොහොමද"කියල.
ඔහු කිව්වලු...
"බඩගිනි වුණ වෙලාවට නම්
රොටියක් වගේ" කියලා.