20121114

Dave Rapoza

 
 PHOTOSHOP කියන්නෙ
ඡායාරූප ශිල්පීන්ටම වෙන්වූ පරිගණක මෘදුකාංගයක් කියල
ප්‍රසිද්ධ දුර්මතයක් පවතිනවා.


චිත්‍ර ඇඳීම සඳහාම වෙන්වුණ
Corel painter, Artrage වැනි
විශේෂ මෘදුකාංග තිබුණත්
ඔවුන්ගේ චරිත ස්වභාවයන් හා
මනාව සැසඳෙන බැවින්දෝ
ලොව වටා බොහෝ චිත්‍රශිල්පීන්
චිත්‍ර අඳින්න PHOTOSHOP භාවිතා කරනවා.
දේව් රැපෝzසා විසින් නිර්මාණය කළ
හළින් තියන චිත්‍රයත්
PHOTOSHOP මගින් අඳින ලද්දක්.
=================================


Dave Rapoza

දේව් ස්වයං අධ්යයනයෙන් චිත්‍ර හැදෑරූවෙකි.
ඔහු තවමත් දිනකට පැයක්වත් චිත්‍ර හැදෑරීමට ගත කරයි.
එවිට ඔහු මූලික වශයෙන් අධ්‍යයනය කරන්නේ
පුහුණුවන්නේ මූලික අභ්‍යාසයන්ය.


එනම් සජීවී වස්තූන් සහ පුද්ගලයන් බලාගෙන ඇඳීම,
ඇටසැකිල්ල, මාංශ පේශි ආදී වශයෙන් කායික ව්‍යුහය හැදෑරීම,
ඡායාරූප මගින් හැදෑරීම ආදියයි.
අධ්යයනය සඳහා ඊට වඩා කාලයක් මිඩංගු කරන්නට
ඔහු ඉතා කැමති වුවත්
ඔහුගේ කාර්යබහුලතාවය නිසා
ඔහුට ඒ සඳහා කාලයක් නොලැබෙයි.

Crimson Daggers LiveStream group නම්
කණ්ඩායම ඔහු නිර්මාණය කරගත්තේද
අවම වශයෙන් පැයක්වත් අධ්‍යයනය සඳහා
වෙන් කිරීමට හැකි වන පරිදිය.

ඉගෙනගන්නට කැමති අය සඳහා
ඔබ යෝජනා කරන අධ්යයන මොනවාදැයි
ඔහුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ
"සම්පූර්ණ මූලික දැනුම.
හැමදාම.
Loomis/Bridgman/Vilppu/Hogarth ආදීන්ගේ පොත්
ඇසුරෙන් ඉගෙන ගන්න.
සෑම දෙයකටම අනාවරණය වෙන්නට
ඔබට ඉඩ හැර
ඔබ තුළ රැඳෙන්නේ මොනවාදැයි
විමසිලිමත් වෙන්න.

සැබෑ වස්තූන්, පුද්ගලයන් දෙස සහ
ඡායාරූප බලාගෙන අඳින්න.
වර්ණ පිළිබඳ සිද්ධාන්ත හදාරන්න.
ඉගෙනගතයුතු දේ බොහෝය.
එසේම ඉගෙනගන්නා දේ
ව්‍යවහාර කිරීමටද අමතක නොකරන්න.
එය අවසාන කොට
එතැන්සිට ඔබේම චිත්තරූප සමගද
නිර්මාණය කරන්න.
ඔබ එයින් ඉගෙනගන්නා දේ උපයෝගී කරගන්න."
==========================================



























වීඩියෝ එක නරඹන්න.

මේ ලින්ක් වලින් ගියාම
දේව් රැපෝzසා විසින් නිර්මාණය කළ
එවැනි චිත්‍ර රැසක් ඔබට බලන්න පුළුවන්.
http://www.facebook.com/media/set/?set=oa.251829288192051&type=1

==========================================

දේව් චිත්‍ර අඳින අයුරු සහ
ඔහු සමග පැවැත්වුණ සාකච්ඡා සහිත
වීඩියෝ නරඹන්න.
http://www.youtube.com/daverapoza


Interview with Dave Rapoza
http://www.cgpad.org/featured-articles/interview-with-dave-rapoza/

==========================================
Dave's message
from http://daverapoza.wordpress.com/about/
_____________________________________

Hey everyone,
my name’s Dave Rapoza
and I’m a freelance illustrator/concept artist.
I’m open for all things art
and enjoy taking on all kinds of projects.
Feel free to contact me for whatever reason
if you have any questions about my work smile .
If you’d like any work done
or are just interested in contacting me
my email is…. rapozaster@gmail.com !
Thanks,
Dave
___________________________________
http://daverapoza.blogspot.com/
http://daverapoza.wordpress.com/

==========================================

Loomis/Bridgman/Vilppu/Hogarth ආදීන්ගේ පොත් Download කරගන්න.
http://www.facebook.com/groups/srilankan.artworkshop/doc/258645904177056/
53 Art Books - Complete Collection -Free Download



No comments:

Post a Comment