දියමන්තියක්
මැණික් සහ වෙනත් ගල් අතර තියෙද්දි
හඳුනා ගන්න පුලුවන් අය
කීදෙනෙක් අපි අතර ඉන්නවාද.
මට දියමන්ති හඳුනා ගන්න බැහැ.
මම වෙනත් බාල ගල් වර්ගයක්
දියමන්තියක් ලෙස
හඳුනාගන්න පුලුවන්.
එයින් ඉස්මතුවී පෙනෙන්නේ
අර බාල ගලෙහි අපූර්ව වටිනාකමක් නොව
මගේ නොදන්නා කමයි.
බොහෝ දෙනෙක් ඉතා බාල චිත්‍ර
මොනා ලිසා සමග සමකරන්න හෝ
ඊටත් වඩා ඉහළ තැනක
තබන්න පුලුවන්.
ඒත් ඔහුගෙ රසඥතාවයත්,
ඔහුගෙ චරිතයෙහි නොගැඹුරත් විනා
අපූර්ව යමක් ඉන් ප්‍රකට වන්නේ නැහැ.
ලෝකයේ මෙතෙක් බිහිවූ
විශිෂ්ඨ සම්භාව්‍ය චිත්‍ර සියල්ල
එක ප්‍රදර්ශනාගාරයකට ගෙනැවිත්
ප්‍රදර්ශනයක් තියලා
බලන්න එන හැම කෙනෙකුටම
තමන් වඩාත්ම කැමති චිත්‍ර තුනක්
නම් කරන්න කිව්වොත්
ඒ බහුතරයක් පිරිසගෙ තේරීම් අතර
මොනාලිසා තියෙන්න පුලුවන්.
මේසා කාලයක්
මේතරම් ජනාදරය ලැබූ
වෙනත් චිත්‍රයක් ලොව තවත් නැහැ
කියන්න පුලුවන්.
මීට ප්‍රධාන හේතුව තමයි
ඩාවින්චිගේ චරිතයෙහි වූ ගැඹුර,
පුළුල් බව සහ දැනුම් පරාසය.
ඔහුගේ දැනුම් පිපාසය අසීමිතයි.
ඔහු තරම් විවිධ දක්ෂතා ඇත්තෙක්
අප දන්නා මිනිස් ඉතිහාසය තුළ
ජීවත් වී නැහැ.
ඔහු සිත්තරෙක්, මූර්ති ශිල්පියෙක්,
ගෘහ නිර්මාණ ශිල්පියෙක්, සංගීතඥයෙක්,
ගණිතඥයෙක්, ඉන්ජිනේරුවෙක්, නව නිපැයුම් කරුවෙක්,
කාය ව්‍යුහ විච්ඡේදකයෙක්, භූ විද්‍යාඥයෙක්,
සිතියම් නිර්මාපකයෙක්, උද්භිද විද්‍යාඥයෙක්,
සහ ලේඛකයෙක්.
සාමාන්‍යයෙන් චිත්‍ර ශිල්පීන්ගෙ, සංගීතඥයින්ගෙ
මොළයෙ දකුණු පාර්ශවය වැඩියෙන් ක්‍රියාකාරීයි.
විද්‍යාඥයින්ගෙ, ගණිතඥයන්ගෙ, ඉංජිනේරුවන්ගෙ
මොළයෙ වම් පාර්ශවය වැඩියෙන් ක්‍රියාකාරීයි.
ඩා වින්චි මොළයෙ දෙපාර්ශවයම ක්‍රියාකාරීව
පවත්වාගෙන ඇති බව අපිට පෙනෙනවා.
හෙලිකොප්ටරයේ සිද්ධාන්තය ඇතුළු
විද්‍යාත්මක සොයා ගැනීම් ගණනාවක්
ඔහු විසින් කර තිබුණා.
ඔහු කූඩු කළ කුරුල්ලන් මිලට ගෙන
නිදහස් කළ බව කියැවෙනවා.
එසේම ඔහු නිර්මාංශ ආහාරයෙන් යැපුණ කෙනෙක්..
නිපැයුම්කරුවෙක් ලෙස මෑතදී ඔහු අගය කෙරුණත්
වසර හාරසියයක් පමණම
ඔහුගේ කීර්තිය රඳා පැවතුණේ
ඔහුගේ අතළොස්සක් වූ චිත්‍ර මතය.
මෙවැනි පදම් වූ චරිතයක් ඇති මේ සිත්තරා
වසර හතරක් ගත කොට
අවසන් නොකළ චිත්‍රයක් මොනාලිසා ලෙස සැලකෙනවා.
මොනාලිසා,
වඩාත්ම සුපතළ,
වඩාත්ම නරඹනු ලැබූ,
වඩාත්ම වර්ණනාවට ලක්වුණ,.
වඩාත්ම ගීතවලට පසුබිම්වූ සහ
වඩාත්ම අගය කෙරුණු
කලා නිර්මාණය ලෙස සැළකෙයි.
මෙහි මා දකින එක් විශේෂයක් නම්
අතිශය ප්‍රබල අනන්‍යතාවයයි.
ඔහුගේ සිතේ පදම්වීම අනුව
ඔහු මේ චිත්‍රයට කැවූ ජීවය
චිත්‍රයකට කවන්නට හැකි සිත්තරෙක්
ලොව බිහිවී නැතැයි කියන්නට පුලුවන්.
මෙහි තවත් විශේෂයක් නම්
මෙහි පවතින ගුප්ත විශ්වීය ගුණයයි.
කුඩා දරුවෙකු සතු සරල සිත්ගන්නා සුළු ගුණයත්
මේරූ වැඩිහිටි කාන්තාවක සතු ප්‍රාඥ බවත්
එකට කැටිවුණ ස්වභාවයක්
මෙහි දකින්නට පුලුවන්.
එසේම එක් නිශ්චිත ජාතියකට අයත් නොවන
පොදු විශ්වීය ගුණයකුත් මෙහි තියනවා.
කලාකරුවෙකුගේ චරිත ශක්තිය අනුව
ඔහුගේ නිර්මාණය බිහිවෙනවා.
එකම ආකාරයෙන් කපා ඔපමට්ටම කළත්
දියමන්තියක වටිනාකමට සමකළ හැකි
වෙනත් ගල් වර්ග නැහැ.
_________________________________
පසු දිනෙක මෙහි සම්පිණ්ඩණය විමසා බලමු.
හඳුනා ගන්න පුලුවන් අය
කීදෙනෙක් අපි අතර ඉන්නවාද.
මට දියමන්ති හඳුනා ගන්න බැහැ.
මම වෙනත් බාල ගල් වර්ගයක්
දියමන්තියක් ලෙස
හඳුනාගන්න පුලුවන්.
එයින් ඉස්මතුවී පෙනෙන්නේ
අර බාල ගලෙහි අපූර්ව වටිනාකමක් නොව
මගේ නොදන්නා කමයි.
බොහෝ දෙනෙක් ඉතා බාල චිත්‍ර
මොනා ලිසා සමග සමකරන්න හෝ
ඊටත් වඩා ඉහළ තැනක
තබන්න පුලුවන්.
ඒත් ඔහුගෙ රසඥතාවයත්,
ඔහුගෙ චරිතයෙහි නොගැඹුරත් විනා
අපූර්ව යමක් ඉන් ප්‍රකට වන්නේ නැහැ.
ලෝකයේ මෙතෙක් බිහිවූ
විශිෂ්ඨ සම්භාව්‍ය චිත්‍ර සියල්ල
එක ප්‍රදර්ශනාගාරයකට ගෙනැවිත්
ප්‍රදර්ශනයක් තියලා
බලන්න එන හැම කෙනෙකුටම
තමන් වඩාත්ම කැමති චිත්‍ර තුනක්
නම් කරන්න කිව්වොත්
ඒ බහුතරයක් පිරිසගෙ තේරීම් අතර
මොනාලිසා තියෙන්න පුලුවන්.
මේසා කාලයක්
මේතරම් ජනාදරය ලැබූ
වෙනත් චිත්‍රයක් ලොව තවත් නැහැ
කියන්න පුලුවන්.
මීට ප්‍රධාන හේතුව තමයි
ඩාවින්චිගේ චරිතයෙහි වූ ගැඹුර,
පුළුල් බව සහ දැනුම් පරාසය.
ඔහුගේ දැනුම් පිපාසය අසීමිතයි.
ඔහු තරම් විවිධ දක්ෂතා ඇත්තෙක්
අප දන්නා මිනිස් ඉතිහාසය තුළ
ජීවත් වී නැහැ.
ඔහු සිත්තරෙක්, මූර්ති ශිල්පියෙක්,
ගෘහ නිර්මාණ ශිල්පියෙක්, සංගීතඥයෙක්,
ගණිතඥයෙක්, ඉන්ජිනේරුවෙක්, නව නිපැයුම් කරුවෙක්,
කාය ව්‍යුහ විච්ඡේදකයෙක්, භූ විද්‍යාඥයෙක්,
සිතියම් නිර්මාපකයෙක්, උද්භිද විද්‍යාඥයෙක්,
සහ ලේඛකයෙක්.
සාමාන්‍යයෙන් චිත්‍ර ශිල්පීන්ගෙ, සංගීතඥයින්ගෙ
මොළයෙ දකුණු පාර්ශවය වැඩියෙන් ක්‍රියාකාරීයි.
විද්‍යාඥයින්ගෙ, ගණිතඥයන්ගෙ, ඉංජිනේරුවන්ගෙ
මොළයෙ වම් පාර්ශවය වැඩියෙන් ක්‍රියාකාරීයි.
ඩා වින්චි මොළයෙ දෙපාර්ශවයම ක්‍රියාකාරීව
පවත්වාගෙන ඇති බව අපිට පෙනෙනවා.
හෙලිකොප්ටරයේ සිද්ධාන්තය ඇතුළු
විද්‍යාත්මක සොයා ගැනීම් ගණනාවක්
ඔහු විසින් කර තිබුණා.
ඔහු කූඩු කළ කුරුල්ලන් මිලට ගෙන
නිදහස් කළ බව කියැවෙනවා.
එසේම ඔහු නිර්මාංශ ආහාරයෙන් යැපුණ කෙනෙක්..
නිපැයුම්කරුවෙක් ලෙස මෑතදී ඔහු අගය කෙරුණත්
වසර හාරසියයක් පමණම
ඔහුගේ කීර්තිය රඳා පැවතුණේ
ඔහුගේ අතළොස්සක් වූ චිත්‍ර මතය.
මෙවැනි පදම් වූ චරිතයක් ඇති මේ සිත්තරා
වසර හතරක් ගත කොට
අවසන් නොකළ චිත්‍රයක් මොනාලිසා ලෙස සැලකෙනවා.
මොනාලිසා,
වඩාත්ම සුපතළ,
වඩාත්ම නරඹනු ලැබූ,
වඩාත්ම වර්ණනාවට ලක්වුණ,.
වඩාත්ම ගීතවලට පසුබිම්වූ සහ
වඩාත්ම අගය කෙරුණු
කලා නිර්මාණය ලෙස සැළකෙයි.
මෙහි මා දකින එක් විශේෂයක් නම්
අතිශය ප්‍රබල අනන්‍යතාවයයි.
ඔහුගේ සිතේ පදම්වීම අනුව
ඔහු මේ චිත්‍රයට කැවූ ජීවය
චිත්‍රයකට කවන්නට හැකි සිත්තරෙක්
ලොව බිහිවී නැතැයි කියන්නට පුලුවන්.
මෙහි තවත් විශේෂයක් නම්
මෙහි පවතින ගුප්ත විශ්වීය ගුණයයි.
කුඩා දරුවෙකු සතු සරල සිත්ගන්නා සුළු ගුණයත්
මේරූ වැඩිහිටි කාන්තාවක සතු ප්‍රාඥ බවත්
එකට කැටිවුණ ස්වභාවයක්
මෙහි දකින්නට පුලුවන්.
එසේම එක් නිශ්චිත ජාතියකට අයත් නොවන
පොදු විශ්වීය ගුණයකුත් මෙහි තියනවා.
කලාකරුවෙකුගේ චරිත ශක්තිය අනුව
ඔහුගේ නිර්මාණය බිහිවෙනවා.
එකම ආකාරයෙන් කපා ඔපමට්ටම කළත්
දියමන්තියක වටිනාකමට සමකළ හැකි
වෙනත් ගල් වර්ග නැහැ.
_________________________________
පසු දිනෙක මෙහි සම්පිණ්ඩණය විමසා බලමු.