20121114

Robert Fawcett




වාණිජ චිත්‍ර ශිල්පියෙකු ලෙස
ලොව පතල වූ Robert Fawcett
විස්තරාත්මකව හා තාත්විකව චිත්‍ර ඇඳීමෙහි 
අතිදක්ෂයෙකි.


දක්ෂ සිත්තරුන් අතරෙන්
කිසියම් සිත්තරෙකු විටෙක මතුවී පෙණුනද
හැම කෙනෙකුම ශිෂ්යයෙක් බව ඔහු ගේ අදහසයි.

ඔහු හිතා මතාම
පහසුවෙන් අවධානය ලැබෙන ආකාරයේ
විජ්ජා, ඉන්ද්‍රජාලම් වළින් වැලකී
චිත්‍ර අඳින්නට පෙළඹුණේ
එමගින් හැදෑරීමේ ක්‍රියාවලිය
දුර්වල වන නිසාය.

"නොසැලකිලිමත් ලෙස බැලීම තරම්
චිත්ත රූප මැවීමට බාධා කරන තවත් දෙයක් නැති තරම්.
සිත්තරුන් පැහැදිලිව දකින්නට හුරුවිය යුතුයි.".
ඔහු පැවසුවේය .






මාත් ඇතුලුව
බොහෝ චිත්‍රශිල්පීන්ට බාධාවක් වන
ප්‍රධානතම දුර්වල කමක් නම්
ඉතා සුමුදු, සුන්දර රේඛාවන් හා පදාස වලින්
චිත්‍රයට ආලෝකයක් ලැබෙන බවට
අපතුළ පවතින මිථ්‍යා විශ්වාසයයි.

අපට එම වැරදි අවබෝධය ලැබෙන්නේ
අපේ සංස්කෘතිය තුළ ඇති පූර්වාදර්ශයන් නිසා විය හැක.

එසේම එහි අනෙක් අන්තය වන
නොසැලකිලිමත්, ආධුනික රේඛා හා පදාසයන්ගෙන්ද
හොඳ සිතුවමක් බිහි නොවේ.
රේඛා හා පදාසයන් තුළ ජීවී ගුණය තිබිය යුතුය.
ජීවී ගුණය සියයට අනූ නවයක්ම සිතුවමකට ලැබෙන්නේ
සජීවී වස්තූන් හා පුද්ගලයන් දෙස බලා අඳින
අධ්‍යයන මූලික සජීවී චිත්‍ර වලිනි.

සජීවී සිතුවම්කරණය යනු
ජීවිත කාලය පුරාම සතත අභ්‍යාසයෙහි යෙදී
ප්‍රගුණ කළ යුතු භාරදූර කාර්යයකි.

රොබට්ගේ වසර දෙකක අධ්‍යයන කාලය තුළ
ඔහු වඩාත්ම පුහුණු වී ඇත්තේ
සජීවී වස්තූන් හා පුද්ගලයන් දෙස බලා අඳින
අධ්‍යයන මූලික සිතුවම්කරණයටයි.
පින්තාරු කලාව පසු කාලීනව
ස්වයංඅධ්යයනයෙන් ප්‍රගුණ කළයුතු බව ඔහුගේ අදහසයි.

ඉතා නිදැල්ලේ මිශ්‍ර කරන,
නිදහස් සරල රේඛා හා පදාසයන්
ඔහුගේ සිතුවම් වල භාවිතා වුවද
ඒවා තනි තනිව ගත්තත් සජීවී ගුණයෙන් අනූණය.
එසේම ඒ රේඛා හා පදාසයන් එක්වූ කල නිමැවෙන් සිතුවමෙහි
ඔහු අපට පෙන්වන දේ මිස රේඛා හා පදාසයන් නොපෙනෙයි.

එම ස්වභාවයන්ට පදනම් වන්නේ
ඔහුගේ ශක්‍යතාපූර්ණ රේඛා හා පදාසයන් නොව
ඔහුට එම ව්සස්තූන් සහ පුද්ගලයින්
දැනෙන ප්‍රමාණයයි.


















1 comment:

  1. හොඳ රහ වගේම හර වැඩක් අතුල අයියේ...........

    ReplyDelete