20140807

Jean-Michel Basquiatගේ Abstract චිත්‍ර

 නිව්යෝර්ක් නගරයේ මහමග අයිනේ
බිත්ති වල චිත්‍ර ඇඳීමෙන් ඇරඹුණු
වසර විසි අටක් තරම් කෙටි වූ
සුපතළ Abstract චිත්‍ර ශිල්පී ජීවිතයෙන්
අධික ලෙස හෙරොයින් ගැනීම හේතුවෙන් සමුගත්
Jean-Michel Basquiatගේ චිත්‍ර
.

චිත්‍රයක් කියන්නෙ
ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක්.
එක චිත්‍රයක්
හැම කෙනෙකුටම රස විඳින්න බැහැ.
හැම චිත්‍රයක්ම
එක්කෙනෙකුට රස විඳින්න බැහැ.

බොහෝ දෙනෙක් ප්‍රිය කරන චිත්‍ර තියනවා.
බොහෝ චිත්‍ර වලට ප්‍රිය කරන අයත් ඉන්නවා.

ඔබ යම් චිත්‍රයකට ප්‍රිය කරන්නෙ
ඒ සන්නිවේදනය ඔබට ප්‍රිය නිසයි..

තමන්ගෙ ගමට හුරු, ගමේ මිනිස්සුන්ට හුරු,
ගමේ පරිසරයට හුරු
වෙනත් ප්‍රදේශයක වුණත්
අපි සැනසිල්ලෙන් ඉන්නවා.
ඒ වාතාවරණය තුළ
අපිට අඩ නින්දෙන් හැසිරෙන්න පුලුවන්.
අපි අපේ සන්නිවේදනයට සමීප
කලාකෘති වලට ප්‍රිය කරනවා.

ඒත් අපට හුරු කලාකෘති රස විඳීමෙන්
අපේ දැක්මට අලුත් යමක් එක් වෙන්නෙ නැහැ.
මොළයෙ අපට හුරු පුරුදු ප්‍රදේශය
උත්තේජනය වෙනවා.

අපට නුහුරු නුපුරුදු වුණත්
කාලයක් තිස්සෙ ලොව පිළිගත් චිත්‍රයක්
නිතර ඇසුරු කිරීමෙන් හුරු කර ගැනීමෙන්
අපේ මොළයෙ අළුත් ප්‍රදේශයක්
උත්තේජනය වෙනවා.

අපි අළුතෙන් චිත්‍ර අඳිද්දි
ඒ ප්‍රදේශයට ආවේණික ගුණත්
අපේ චිත්‍රවලට එකතු වෙනවා.

අපි අලුත් විදියකට
වෙනස් චිත්‍රයක් අඳිනවා.

මේ සත්‍යය ඕනම නිර්මාණයකට පොදුයි.

නිර්මාණකරුවන් විසින්
ලෝකයේ විවිධ ප්‍රදේශ වල නිර්මාණ
රස විඳලා හුරු වෙන්නෙ ඒ නිසයි.

විශ්ව සම්මානයට පාත්‍රවූ නිර්මාණ කරුවන්ගෙ
ජීවිත කතා විමසා බලන්න..
-------------------------------------------
From 
නිර්මාණයකට විශ්වීය ගුණය එක්වන්නේ කොහොමද?

.

 ඔබට ඔහු හා සමපාත වුණොත්
මේ චිත්‍ර ත්‍රිමාණ රූපීව රස විඳින්න
ඔබට පුලුවන් වෙයි.
මේ සමපාත වීමට කලක් ගතවෙන්න පුලුවන්.
මේ චිත්‍ර ශිල්පියාගෙ චිත්‍ර
විඳින්න පටන් ගත්තට පස්සෙ
මගේ දැක්මෙත් චිත්‍ර වලත්
සෑහෙන දියුණුවක් ඇති වුණා.

නිතර බලනකොට ඒ චිත්‍රවල
ත්‍රිමාණ බව, ගැඹුර, හඳුනාගත හැකි හැඩතල
ටික ටික වැඩි වෙනවා.
මේ චිත්‍ර
ඔබට ත්‍රිමාණව දර්ශනය වෙනතුරු
ඔබ මේ චිත්‍ර දකින්නේ නැත.

ඔබ චිත්‍ර ශිල්පියෙක් හෝ
ඡායාරූප ශිල්පියෙක් නම්
ෂෝන් මයිකල්  චිත්‍ර ඇන්ද මානයට හිත හුරු වීම
ඔබේ නිර්මාණ වර්ධනයට හේතු වෙයි.

ඔබ දන්නා හැඩ තල නැතිව
ඔබ දන්නා හැඩතල දකින්නට ඔබට හැකිවෙයි.
එසේම ඔබ දැන් දකින දේට වඩා වෙනස් දෙයක්
ඊළඟ මොහොතේ ඔබට පෙනෙයි.
--------------------------------------------------------
 ඔබ දෙසට වමතත්
ඔබෙන් ඉවතට දකුණතත් දිගු කරගත්
කෙනෙකු ඔබට මේ චිත්‍රයෙන් පෙනෙනවාද.?

ෂෝන්-මයිකල්ගෙ හිත අවුල්ද? 
සමාධියෙන් තොරද?

නැහැ.

ෂෝන්-මයිකල්ට
මානසික ඒකාග්‍රතාවය තියනවා.
මානසික ඒකාග්‍රතාවය නැත්නම්
ඔහු මත්ද්‍රව්‍ය ඇසුරෙන්,
රාවෙල් වැන්නවුන්ගේ ශාස්ත්‍රීය සංගීතය ඇසුරෙන්
මානසික ඒකාග්‍රතාවය  ලබාගන්නවා.
ශීලයෙන් තොරව සතියෙන් තොරව
කෘතිම ක්‍රමවලින් ලබන සමාධිය හානිකරයි.
අඩු වයසින්ම ඔහු විනාශවීමට හේතුවුණේ
මත්ද්‍රව්‍ය ඇසුරෙන්,
කෘතිම ලෙස ඔහු සෙවූ මිථ්‍යා සමාධියයි.

චිත්‍ර අඳින්නට මානසික ඒකාග්‍රතාවය විතරක් මදි.

හැම දෙයක් ගැනම සිහියෙන් ඉන්න
සම්පජානෝ සතියත් අවශ්‍යයි.
තමන් තුළ මතුවෙන සංස්කාරවලට
උපේක්ෂාවත් අවශ්‍යයි.

සහජ හැකියාවත්, සතත අභ්‍යාසයත් සමග
සංයමයෙන් කලාවට යොමුවෙන
කලාකරුවන් තුළ මේ ගුණාංග තියනවා.
මේ චිත්‍රවලත් ඒ ගුණ යම් ප්‍රමාණ වලින්
අඩංගු වෙනවා.
ෂෝන්-මයිකල්ගේ චිත්‍රවල
ලොකු අවුලක් දකින්න තියන නමුත්
කුසලතා රහිත ශිල්පියෙකු අඳින
බුදු රුවකවත් දකින්න නොලැබෙන
ඒකීයතාවයෙන් යුත් වියමනක්
ඔහුගේ චිත්‍රවල තියනවා.
මානසික අවුලක් චිත්‍රයට නැගුණාට
චිත්‍රය පුරා ඒකීය රටාවක් තියනවා.
ඔහු කරන්නෙ කුමක්ද කියා ඔහු දන්නවා.

"මගේ චිත්‍ර විස්තර කරන්න මට බැහැ.
ඒ චිත්‍ර  ස්වයංක්‍රීයයි.
මම අඳින හැම ඉරකටම තේරුමක් තියනවා."
ෂෝන් මයිකල් පවසයි.
 Untitled, 1981
ඉහත දැක්වෙන චිත්‍රය අද ( 2014 ) ලංකාවේ මුදලින්
රු කෝටි 212කට අලෙවි වී ඇති චිත්‍රයකි.
acrylic, oilstick, and spray paint on wood
73 1/4 x 49 1/4 in. (186.1 x 125.1 cm)
Signed, inscribed, and dated “Jean-Michel Basquiat, NYC, 81” on the reverse.
Estimate $8,000,000 - 12,000,000  

 













ෂෝන්-මයිකල්ගේ චිත්‍රවල ඒකීය බව
ඔහු රඳවාගෙන තියෙන්නෙ
කිසිම ස්වාභාවික ත්‍රිමාණ හැඩයක ආධාරයෙන් හෝ
නිශ්චිත ශෛලියක ආධාරයෙන් නොවෙයි.
මේ චිත්‍රයක් තව කෙනෙකුට
පිටපත් කරන්න බැහැ.
මේ චිත්‍රත් කිසිම දේක පිටපතක් නෙමෙයි.
මේ චිත්‍රවලට කාලයක් නැහැ.
ෂෝන්-මයිකල්ගේ චිත්‍ර
දුරාතීතයේ,
ප්‍රාග් ඓතිහාසික යුගයේ
ගල්ගුහා වල තිබුණ චිත්‍ර වගෙයි..
 ඒ චිත්‍ර වල ඔවුන්ගේ හිත්වල සංයමයත් නිරූපණය වෙනවා.

පෙර භවයන්හි හුරුකළ සම්පජානෝ සතිය සහිතව
නොගැලපෙන තැන්වල උපදින කලාකරුවන්
සාමාන්‍ය මිනිසුන්ට වඩා මානසික අර්බුදවලට කොටු වෙනවා.

සිත දියුණු කරන්නට ඇති ස්වාභාවික ක්‍රම
ආගමික නිසා බැහැර කරන කාමභෝගී කලාකරුවන්
නිර්මාණයට අවශ්‍ය ඒකාග්‍රතාවය නැති වුණාම
බොහෝ විට කෘතිම ක්‍රම වලට හුරු වෙනවා.
මත්පැනට මත්ද්‍රව්‍ය වලට ඔවුන් හුරු වෙන්නෙ
කෘතිම ක්‍රම වලින් මානසික ඒකාග්‍රතාවය ලබාගන්නයි.
ඇබ්බැහි වීම නිසා
ඔවුන් නිර්මාණයක් නැති වෙලාවටත්
ඒ මානසික සුවය සොයනවා.
ෂෝන්-මයිකල්ට ඔහුගේ ජීවිතය
අහිමි වෙන්නත් ඒ ඇබ්බැහි කම හේතු වුණා.

ඕනම තරාතිරමක කෙනෙකුට
අමුතු වෙහෙසක් විනයක් නැතුව
කෘතිම චිත්ත ඒකාග්‍රතාවයක් ලබාගන්න
මත්පැන් මත්ද්‍රව්‍ය උපකාර වෙනවා.
ඒ එකඟ හිතේ විවේකය නිසා
නිදහස් වෙන හිතේ මතුවෙන සංස්කාර
ඔහුගෙ චරිතයෙ විදියට නිදහස් වෙනවා.
මැරයෙක් නම් කුණුහරුප කියනවා.
නිවට, සෝමාරියෙක් නම් අඬනවා.
සින්දු කියන්න ආස නම්
පුලුවන් විදියට සින්දු කියනවා.
බොන්නෙ නැතුව ගී ගයන්න බැරි
ප්‍රවීණ ගායකයොත් ඉන්නවා.

චිත්‍රශිල්පි ෂෝන් මයිකල්
කලාත්මක හිතක් ඇති චිත්‍රශිල්පියෙක් නිසා
නිදහස්වෙන සංස්කාර චිත්‍රවලට එකතු වෙනවා.
ඔහුට මානසික ඒකාග්‍රතාවය තියනවා..
සහජයෙන්ම ගෙනා නමුත්
දියුණු කරන්නට මග පෙන්වීමක් නොලද
සම්පජානෝ සතියත් චිත්‍රයට අදාළව තියනවා.
ඔහුට නැත්තෙ ශීලයයි.

ශීලයෙන් තොර සමාධිය
කොපුවක් නැති තියුණු අසිපතක් වගෙයි.
සමථ භාවනාවෙන් ලබා ගත්තත්
ශීලයෙන් තොර සමාධිය හානිකරයි.







හොඳ සිහියෙන් කලාකෘති නිර්මාණය කරන
කලාකරුවන්ගේ මනස පුළුල්.
ඒ වගේම සංවරයි.

ඒ නිර්මාණකරුවන්
ජීවිතය ගැන පුළුල් හා
ගැඹුරු අවබෝධයකින් යුක්ත
හොඳ නරක ගැන
පැහැදිලි අදහසක් ඇති
සංවේදී මිනිසුන්...

හොඳ සිහියෙන්  සංයමයෙන් චිත්‍ර අඳින
ප්‍රතිභා පූර්ණ චිත්‍ර ශිල්පියෙක්
එක පින්සල් පහරක් යොදන විට
මුළු චිත්‍රයටම ගැලපෙන්න
ඒ පින්සල් පහර යොදනවා.
එවැනි ලේඛකයෙක් ලියද්දි,
සංගීතඥයෙක් සංගීතය නිර්මාණය කරද්දි
සමස්තය ගැන හැඟීමෙන් තමයි,
නිර්මාණ කරන්නෙ.
ඔවුන්ගෙ නිර්මාණ තුළ ඒකීය බව සමග
රිද්මයත්, ලාලිත්‍යත් තියනවා.

නිර්මාණයක් සැබැවින්ම වටින්නෙ
එහි තියන විශ්ව සාධාරණීය
ගුණය නිසයි.

එවැනි නිර්මාණ කාලාන්තරයක්
පවතිනවා.

මොන ක්ශේත්‍රයක වුණත්
කාලාන්තරයක් පවතින නිර්මාණ
කණා ෂොට් නෙමෙයි..

ශේක්ස්පියර්ගෙ කෘති
අවුරුදු 400ක් විතර තිස්සෙ
ගෞරවයට පාත්‍ර වෙනවා.
ඔහු ඉක්මවා යන්න හෝ
ඒ අසලටවත් එන්න කෙනෙක්
මෙතෙක් බිහිවී නැහැ.
ටොල්ස්ටෝය් ගොර්කි වැන්නන් වුණත් එහෙමයි..

ඩා වින්චි තවත් එවැන්නෙක්..
කුරොසාවා, රායි වැන්නන්
සිනමාවෙ නොමියෙන කලාකරුවන්..

ඔවුන් කණා ශොට් කලාකරුවන් නෙමෙයි.

ඔවුන්ට සහජ හැකියාව තිබුණා.
ඒ හැකියාව පාවිච්චි කරන්නෙ
කොහොමද කියන එකත්
ඔවුන් දැන සිටියා.

මේ චිත්‍ර ශිල්පියාටත්
ඔහුගෙ අවුල මැද වුණත් සමස්ත චිත්‍රය එකට බැඳ තබන
ඒකීය ගුණයට හේතු වෙන සමස්තය දැකීමේ ගුණය
සහජයෙන්ම තිබුණ බව චිත්‍රවලින් පෙනෙනවා.
ජීවිතය එකට බැඳ තබන ඒකීය ගුණයට හේතු වෙන
සමස්තය දැකීමේ ගුණය 
ෂෝන්-මයිකල්ගේ සාමාන්‍ය ජීවිතය තුළට මුසුවෙලා නැහැ.



 ඔහු චිත්‍රයක් අඳින වෙලාවට
පවත්වාගන්න මානසික සංගත බව
සැබෑ ජීවිතයෙදි නැති වීම
ඔහු ජීවිතය පරදින්නට
හේතුවක් වෙන්න ඇති.

 මේ චිත්‍රවලට එක්වුණ සංස්කාර සමග
සංගත වෙන්න හැකියාවක් ඇති
අවුල් සහගත මානසිකත්වයක් සහ
සැඟවුණ රසඥතාවයක් තියන අයට
මේ චිත්‍ර රස විඳිමින්
හිත නිවා ගන්න පුළුවන්.

 තවත් කෙනෙකුගේ හිත අවුල් කරන්නත්
මේ චිත්‍ර හේතු වෙන්න පුලුවන්.
 
එක පිරිසක් නිවන අතරම
තවත් පිරිසක් අවුල් කරන්නට හැකියාව
සම්භාව්‍ය නිර්මාණ වලට තියනවා.
 


 

 
































Jean-Michel Basquiatගේ
මේ ඡායාරූපය Christies නම් වෙන්දේසි කරුවන් විසින්
රු 160,000 - රු 260,000ක් අතර මුදලකට
විකිණී ඇත.
මෙහි අගය නියම වීමට ඡායාරූපය මෙන්ම
Jean-Michel Basquiatගේ ජනප්‍රියත්වයද බලපා ඇත.




 සුපතළ චිත්‍ර ශිල්පී Andy Warhol සමග

 ෂෝන් මයිකල් කුඩා කල ඔහුගේ මව
නිරන්තරයෙන් ඔහු කෞතුකාගාර බලන්නට රැගෙන ගියාය.
වයස හයේදී ඔහු බෘක්ලින් කෞතුකාගාරයෙහි
කණිටු සාමාජකයෙක් විය..
  


======================================================

ෂෝන්-මයිකල්ගේ වයස වසර 20ත් 23ත් අතර ඇඳි චිත්‍ර

 1980-81 Untitled

 1981 Bird on Money

 1981 Old Cars

 1981 Untitled

 1981 Untitled 

 1981 Warrior

 1982 Back of the Neck

 1982 Boy and Dog in a Johhnypump

 1982 Jawbone of an Ass

 1982 Untitled

 1982 Untitled [Angel]

 1982 Untitled [Boxer]

 1982 Untitled [Prophet I]

 1982 Untitled [Skull]

 1982-83 Untitled [Self-portrait]

 1983 Beat Bop

 1983 Catharsis

 1983 Hector

 1983 In this Case

 1983 Untitled
 ===============================================================


Abstract - සිතින් දකින දේ - ඇසට පෙනෙන දේ