20121118

සිත්තරුන්ගෙ විශේෂ ලක්ෂණ.

වාණිජ චිත්‍ර ශිල්පියෙකු ලෙස
ලොව පතල වූ Robert Fawcett
විස්තරාත්මකව හා තාත්විකව චිත්‍ර ඇඳීමෙහි 
අතිදක්ෂයෙකි.

කොතරම් විස්තර තිබුණද
ඔහු පෙන්වන දසුන වසාගෙන
එම විස්තර කිසිවක්
මතුවන්නේ නැත.

ඉතා නිදැල්ලේ මිශ්‍ර කරන,
නිදහස් සරල රේඛා හා පදාසයන්
ඔහුගේ සිතුවම් වල භාවිතා වෙයි.
නිරායාසයෙන් මෙන් එක් කර ඇති
එම රේඛා තනි තනිව ගත්තත්
සජීවී ගුණයෙන් අනූණය.
එසේම ඒ රේඛා හා පදාසයන් එක්වූ කල
නිමැවෙන සිතුවමෙහි
ඔහු අපට පෙන්වන දේ මිස
රේඛා හා පදාසයන් නොපෙනෙයි.

රොබට්ගේ චිත්‍රවල
මේ සියලු ලක්ෂණයන්ට හා
සජීවී ස්වභාවයට පදනම් වන්නේ
ඔහුගේ ශක්‍යතාපූර්ණ රේඛා හා පදාසයන් නොව
ඔහු එම වස්තූන් සහ පුද්ගලයින්
විඳින, දැනෙන ප්‍රමාණයයි.



"නොසැලකිලිමත් ලෙස බැලීම තරම්
චිත්ත රූප මැවීමට බාධා කරන
තවත් දෙයක් නැති තරම්.
සිත්තරුන් පැහැදිලිව දකින්නට හුරුවිය යුතුයි.".

----- Robert Fawcett -----
 

No comments:

Post a Comment