20121113

FRANK FRAZETTA


ලෝකයෙ මෑත කාලයෙ ජීත් වුණ චිත්‍ර ශිල්පීන් අතුරෙන් 
විශිෂ්ඨතමයා ලෙස FRANK FRAZETTA හඳුන්වන්න පුලුවන්. 

රේඛා චිත්‍ර අතිනුත්, 
වර්ණ චිත්‍ර අතිනුත් 
ඔහුට සම කිරීමට නොව 
සමීප වීමටවත් හැකි කෙනෙක් 
ලෝකයෙ මෑත කාලයෙ බිහිවී නැහැ. 

ඔහු කලාත්මක චිත්‍රශිල්පියෙක් ලෙස 
හැඳින්වෙන්නේ නැහැ.
ඔහු චිත්‍රයට නගන්නෙ
පොතක වචන වලින් නිරූපනය වෙන දර්ශනයක් ආශ්‍රිත
තාත්වික චිත්ත රූපයක්.


ඒ චරිත වල පෙනුම,
එම දර්ශණයෙ පසුබිම, ආලෝකය, වර්ණ,
ඉන් උද්දීපනය වන හැඟීම...
මේ සියල්ලම මැවෙන්නෙ ඔහුගෙ පරිකල්පන ශක්තියෙන්.


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfvg7nPwsw5qipmqXmzM-FhnymeaZBHh-j2OrzvFpmo4VU4x6VY8q9H2LxzqTZadbVphGDa_kWXIoADicpX_zmU11GjpC57wKJZ8fSz8GYbExmnBhwAskfwHS_7ZZ7Pghh_CrODrZB_j8/s1600/roughwork3.jpg

කිසියම් දර්ශනයක් චිත්‍රයට නංවනවිට 
ඔහු එම අවස්ථාවට කවන ජීවය 
කතාව ලියන ලේඛකයා 
අපහසුවට පත් කරන තරම්.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHjoL3E1iYG57yYgHhxj_exsUCmHk2yEi3MolI50IkevhlqorKf9sSDWJXMqQgZxESdjw1y4a-Ex3OxqheI7gaFYF2GNbFybnmUTvZmJ9MrUg3YxD2YZIgxNJ82nJZYtsqBfNDeIoWne8/s1600/roughwork4.jpg


ඔහු පිළිබඳව කොතෙක් ලීවත් 

ඔහුගෙ එක චිත්‍රයකින් දැනෙන 
FRANK FRAZETTA 
සිතේ මවන්නට බැහැ.


කලාවෙදි කියන දෙයක් තමයි,
හොඳ කලාකෘතියකට
යමක් අලුතෙන් එකතු කරන්නවත්
එයින් යමක් අයින් කරන්නවත් බැහැ
කියන දේ.

Frank Frazetta කියල තියනවා
පුලුවන් කෙනෙක් ඉන්නවනම්
එයාගෙ චිත්‍ර දියුණු කරල පෙන්නන්න කියල.

අවුරුදු පණහක් විතර කාලයක් තිස්සෙ
කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ.

 














ස්වර්ණමය රීතිය මනාව හසුරුවාගත්
නිර්මාණ කරුවෙක් එම රීතිය
උපයෝගී කරගන්නා
දෙවෙනි සහ වඩාත්ම උචිත ක්‍රමය
නිර්මාණයෙන් මතුකරන හැඟීම
උද්දීපනය වන ආකාරයට
නිර්මාණශීලී ලෙස
රීතිය රිසි පරිදි නමා ගැනීමයි.
FRANK FRAZETTAගේ මේ විශිෂ්ඨ සිතුවම ඒ සඳහා හොඳ නිදසුනකි.
මෙහි Death Dealerගේ හිස
ස්වර්ණමය පෙදෙසෙන් ඉවත් වී ඇත්තේ
Death Dealerගේ ක්‍රියාව දිසාවටය.
ඒ මගින් FRANK FRAZETTA සිතුවමෙහි සමබරතාවය
ඉතා සුඛ නම්‍ය ලෙස ඔහුට රිසි පරිදි හසුරුවා ගනියි.
 




















=============================================================

 




 

Frazetta මෙසේ පවසනවා....

"මම චිත්‍රයක් අඳින්නට ආරම්භ කරන විට
දැඩිව සටහන් කරගත් චිත්ත රූpaයක්
මගේ හිතේ නැහැ.

මම මොනවද කරන්න යන්නෙ කියල
කිසියම් හැඟීමක් විතරයි.
සමහර වෙලාවට මට රූපය
පැහැදිලිව දැනෙනවා.
ඒත් අතිශයින් මූලික අදහසක් විතරයි.

මට විස්තර පෙනෙන්නෙ නැහැ.

කිසියම් වාතාවරණයක්...
සිහිලසක් සහිත හෝ උණුසුම් සහගත,
බියකරු හෝ අද්භූත වාතාවරණයක්...
ඇතුලට ගමන් කරන ස්වභාවයක් හෝ
වෘතාකාර ක්‍රියා පථයක්..
මගේ සිත මේ ආකාරයෙන්
ක්‍රියා කරමින් පවතිද්දි
මගේ අතින් ඉබේටම ඇඳෙනවා.
හැඩතල, ඝණ හැඩයන්..
සියුම් විස්තර ඇත්තෙම නැහැ.

සමහර වෙලාවට
මතුවෙන දේවල්
චිත්‍ර බලන අය වගේම
මාවත් විශ්මයට පත් කරනවා."



No comments:

Post a Comment