20121115

Jim Lee -Comic Book Artist



කොරියානු ජාතිකයෙක් ලෙස
දකුණු කොරියාවේ
සියොවුල් නගරයේ උපත ලද ජිම් ලී
වයස අවුරුදු හතරේදී පවුලත් සමග
ඇමරිකාවට සංක්‍රමණය විය.
ඔහු මිසූරි ප්‍රාන්තයේ සාන්ත ලුවී නගරයෙ
සාමාන්‍ය මධ්‍යම පාන්තිකයෙකු ලෙස
ළමාවිය ගත කළේය.

පාසල් වියේදී ලී චිත්‍රකතා අඳින විට
ඔහු දිනෙක චිත්‍රකතා ප්‍රකාශන සමාගමක් පිහිටුවනු ඇතැයි
ඔහුගේ මිතුරන් අනාවැකි පළ කළෝය.
එසේ වුවද ඔහු සිය පියාගේ අඩි පාරෙහි යමින්
වෛද්‍යවරයෙකු වන්නට සිතාගෙන
ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව හැදෑරුවේය.

1986දී මනෝවිද්‍යාවට
උපාධිය ලබා ගැනීමෙන් පසු
චිත්‍රකලා පාඨමාලාවක් හැදෑරීම නිසා
ජිම් වෛද්‍යවරයෙකු වීම කලකට අත්හිටුවා
චිත්‍රකතා ඇඳීමට සිත යොමු කළේය.
ඔහුගේ දෙමාපියන් ඔහුට ඊට ඉඩ දුන්නේ
එක් කොන්දේසියක් මතයි.
වසරක් තුළ චිත්‍රකතා ක්ශේත්‍රයට පිවිසීමට
ඔහුට නොහැකි වුවහොත්
ඔහු වෛද්‍ය වෘත්තිය සඳහා
ඉගෙන ගත යුතුය.

ඔහු චිත්‍රකතා ප්‍රකාශකයින් හමුවී
ඔහුගේ චිත්‍ර ඉදිරිපත් කළද
චිත්‍රකතා ප්‍රදර්ශන සම්මන්ත්‍රණයකදී
මාර්වල් චිත්‍රකතා සමාගමේ
ආර්චී ගුඩ්වින් හමු වන තුරුම
ඉන් සාර්ථකත්වයක් නොදුටුවේය.

ඇමෙරිකානු චිත්‍රකතා කලාවෙහි
පැන්සලෙන් අඳින ශිල්පීන් සහ
තීන්තෙන් අඳින චිත්‍ර ශිල්පීන් යනුවෙන්
චිත්‍ර ශිල්පීන් වර්ග දෙකකි.
අකුරු එක් කිරීම සහ වර්ණ කිරීමද
තවත් දෙදෙනෙකුට පැවරෙයි.
කතාව ලියන්නේ වෙනත් කෙනෙකි.
මේ සියල්ලම හෝ කිහිපයක් කරන
චිත්‍රකතා ශිල්පීන් සිටියද
සම්ප්‍රදාය අනුව බහුල වශයෙන්
එක් ශිල්පියෙකු එක් අංශයක්
විශේෂණය කරයි.
මෙයින් ඔහුට සිය අංශයෙහි
කඩිනමින් ඉදිරියට යාමට හැකිවීම සහ
වැඩි පිටු ප්‍රමාණයක්
නිර්මාණය කිරීමට හැකිවීම සිදුවුවද
ඔහුගේ නිර්මාණයෙහි ගුණාත්මක අගය
අන් අය අතින් ඉහළ යාම
හෝ පහළ යාමද සිදුවෙයි.

ජිම් ලීගේ දක්ෂතාවයට අනුව
ඔහුට පැවරුණේ  Alpha Flight #51 චිත්‍රකතා පොතෙහි
පැන්සලෙන් අඳින්නාගේ කාර්යභාරයයි.

--------------- මේ එම චිත්‍රකතා පොතෙන් පිටු දෙකකි.---------------


1989දී අතරින් පතර 
Uncanny X-Men
#248 අඳින්නට පැමිණි ජිම් ලී
එහි නිල චිත්‍ර ශිල්පියා බවට පත්විය.
බොහෝ කාලයක් තිස්සේ
ජිම්ගේ චිත්‍රකතා පිටු සහ කවර වැඩි ප්‍රමාණයක්
තීන්තෙන් අඳින ස්කොට් විලියයම්ස්
ඔහුට හමුවන්නේ ත් මේ කාලයේය.

තාත්විකවය හා මුසුවූ
බෙහෙවින් ශෛලිගත චිත්‍ර රටාවත්,
ඉතා සියුම් විස්තරත්,
මනාව සම්පිණ්ඩණය කරන ලද රූප රාමු සහ
මනාව  සැලසුම් කරන පිටු නිර්මාණත්,
මේ සියල්ලටම වඩා ඔහුගේ චිත්‍රවල වූ
පෙර නොදුටු විරූ නැවුම් ස්වභාවයත් නිසා
ඉතා ඉක්මණින් ඔහු චිත්‍ර කතා ලොව
ජය කෙහෙළි නැංවීය.
1991දෙ ක්‍රිස් ක්ලෙයර්මොන්ට් සමග
සම රචකත්වයෙන් හා
ඔහුගෙ පැන්සල් පහරින් නිර්මාණය කළ
X-Men (volume 2)චිත්‍රකතා පොත
චිත්‍රකතා පොත් ඉතිහාසයේ
වැඩිම විකුණුම් වාර්තා තැබූ පොත බවට
පත්විය.

X-Men #1(volume 2)  හතරට නැවිය හැකි කවරය..

X-Men (volume 2) චිත්‍රකතා පොත්
මිලියන 8.1ක් වූ එම වාර්තාව
මෙතෙක් බිඳීමට සමත්වූවෙකු නැත.
පසුගිය දස වසර තුළත්
වැඩියෙන්ම අලෙවි වූ පොත වන
ඔබාමා චිත්‍රකතා පොත
විකිණී ඇත්තේ 530,500ක් පමණි.

 Jim Lee at a comic Con.
චිත්‍රකතා ශිල්පියෙකු ලෙස කොතරම් ජනප්‍රිය වුවද
ඉතා නිහතමානී, සැහැල්ලු පැවතුම් ඇති ජිම් ලී
චිත්‍රකතාවේ ආචාර ධර්ම පිළිබඳව මෙසේ පවසයි.
"මම බොහෝ විට හිතනවා
අපි චිත්‍ර ශිල්පීන් ලෙස දියුණු වෙනවාද
එහෙම නැත්නම් චිත්‍රකතාවක් ඇඳීමෙන් ලබන
ආනන්දයෙන් මත්වෙලා
අපි කළ දේට ආදරය කරමින්
ඊළඟ නිර්මාණය පටන්ගන්න අවශ්‍ය පමණට
එයින් අන්ධ වෙනවද කියල.
වසරගණනාවක් කළ කීදේත් එක්ක
දැන් මේ මොහොතෙ අපේ නිර්මාණ
ඇති සැටියෙන් බලන්න
අපි උත්සාහ කළොත්
එයින් කොයි තරම් චිත්‍ර ප්‍රමාණයක්
පොත් රාක්ක වලට යනව වෙනුවට
කුණු කූඩයෙන් අවසන් වේවිද?"

තමාගේ භාණ්ඩාගාරය සහ සම්පත් දෙස
උජාරුවෙන් බලා උද්දාමයට පත්වන්නේ
ව්‍යාපාරික චින්තනයෙන් දූෂණය වූ නිර්මාණ කරුවාය.
සැබෑ නිර්මාණ කරුවා
සිය නිර්මාණයක් අවසන
ඉන් තෘප්තියට පත් විය හැක.
එහෙත් ඉන් එහාට පියවරක් තබන විටම
තවත් නිර්මාණයක පවසින්
ඔහු පෙළෙන්නට වෙයි.
සැබෑ කලා කරුවා සිය නිර්මාණ පිළිබඳව
කිසි දාක තෘප්තියට පත් නොවන්නෙකි.













































 









1 comment:

  1. ගොඩක් වටින වැඩක්. ගොඩක් ස්තූතී සර් :)

    ReplyDelete