20140811

නිර්මාණයකට විශ්වීය ගුණය එක්වන්නේ කොහොමද?



චිත්‍රයක් කියන්නෙ
ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක්.


එක චිත්‍රයක් හැම කෙනෙකුටම රස විඳින්න බැහැ.

හැම චිත්‍රයක්ම  එක්කෙනෙකුට රස විඳින්න බැහැ.

බොහෝ දෙනෙක් ප්‍රිය කරන චිත්‍ර තියනවා.

 

බොහෝ චිත්‍ර වලට ප්‍රිය කරන අයත් ඉන්නවා.


ඔබ යම් චිත්‍රයකට ප්‍රිය කරන්නෙ
ඒ සන්නිවේදනය ඔබට ප්‍රිය නිසයි..
තමන්ගෙ ගමට හුරු, ගමේ මිනිස්සුන්ට හුරු,
ගමේ පරිසරයට හුරු
වෙනත් ප්‍රදේශයක වුණත්
අපි සැනසිල්ලෙන් ඉන්නවා.
ඒ වාතාවරණය තුළ
අපිට අඩ නින්දෙන් හැසිරෙන්න පුලුවන්.

අපි අපේ සන්නිවේදනයට සමීප
කලාකෘති වලට ප්‍රිය කරනවා.

ඒත් අපට හුරු කලාකෘති රස විඳීමෙන්
අපේ දැක්මට අලුත් යමක් එක් වෙන්නෙ නැහැ.
මොළයෙ අපට හුරු පුරුදු ප්‍රදේශය
උත්තේජනය වෙනවා.

අපට නුහුරු නුපුරුදු වුණත්
කාලයක් තිස්සෙ ලොව පිළිගත් චිත්‍රයක්
නිතර ඇසුරු කිරීමෙන් හුරු කර ගැනීමෙන්
අපේ මොළයෙ අළුත් ප්‍රදේශයක්
උත්තේජනය වෙනවා.
http://t1.gstatic.com/images?q=tbn:ANd9GcT9XTj4FuWLOGoPOIRLj72lF2Absee9-zXe_x1EqyER5Y2o6y6gjA
අපි අළුතෙන් චිත්‍ර අඳිද්දි
ඒ ප්‍රදේශයට ආවේණික ගුණත්
අපේ චිත්‍රවලට එකතු වෙනවා.
අපි අලුත් විදියකට
වෙනස් චිත්‍රයක් අඳිනවා.

මේ සත්‍යය ඕනම නිර්මාණයකට පොදුයි.

විශිෂ්ඨ නිර්මාණකරුවන් විසින්
ලෝකයේ විවිධ ප්‍රදේශ වල නිර්මාණ රස විඳලා 
හුරු වෙන්නෙ ඒ නිසයි.

-----------------------------------------------------------------

ඩා වින්චි මුලු ලෝකයේම
හැම ප්‍රදේශයකම නිර්මාණ ගැන
සැලකිලිමත් වූ පුද්ගලයෙක් විය යුතුයි.

මොනාලිසා සහ ඩා වින්චි


No comments:

Post a Comment