20170603

Camel Photo Colorවලින් ඇන්ද චිත්‍රයක්.


මේ තියෙන්නෙ
Camel Photo Colorවලින්
මම 1991 දි ඇන්ද චිත්‍රයක්.

ආනෝල්ඩ්ගෙ කය ඇඳල තියෙන්නෙ
ඉතාම තුනී සායම් පදාස
එකක් උඩ එකක් වශයෙන්
කිහිපවාරයක් තැවරීමෙන්.
ආනෝල්ඩ්ගෙ දකුණු අතේ
ආරම්භක අවස්ථාව දකින්න පුලුවන්.
පසුබිමේ චිත්‍රත් අවසන් කරල නැති නිසා
වැඩ කරන විදිය ගැන අදහසක් ගන්න පුලුවන්.

දියසායම් සමග
මේ වැඩේ කරන්න අපහසුයි.
තුන් වරකට වඩා
එක උඩ එක දියසායම් තැවරුවොත්
සිතුවම මඩ වෙනවා.

https://www.htconline.in/camel-transparent-photo-colours-set-20ml-x-12-shades

Camel Photo Color
වැඩි වාර ගණනාවක්
එක උඩ එක තවරන්න පුළුවන්.

මෙවැනි චිත්‍ර වලදි භාවිතා කරන
පහසු ක්‍රමය මම ඉගෙන ගත්තෙ
වසන්ත ශ්‍රී නාත්ගෙන්.

වසන්ත මෙවැනි චිත්‍රයක් අඳින විට
බාහිර රේඛා ටික ට්‍රේස් කරල ඇඳගන්නවා.
ඒ සඳහා කාබන් කොළ භාවිතා කරන්න බෑ.

මට මතක හැටියට
ඒ වෙනුවට ඔහු භාවිතා කරන්නෙ
කළු පැන්සල් ඉරි ඇන්ද කඩදාසියක්.
මම කරන්නෙ ෆොටෝකොපියක් අරගෙන
ජනේලෙ වීදුරුවට තියල
කොළේ පිට පැත්තෙ තද කළු 6B පැන්සලකින්
බාහිර රේඛා එකින් එක ඇඳ ගෙන
ඒ පැත්ත අඳින කඩදාසියෙ වදින්න තියල
නියපොත්තෙ මතුපිටින් තදින් ඇතිල්ලීමයි.
මේ පැන්සල් ඉරි පස්සෙ මකාදාන්න පුලුවන්.

ට්‍රේස් කරන වෙලාවටත්
චිත්‍රයක් අඳින මානසිකත්වයෙන්
ත්‍රිමාණ ගතිය සිතේ තියාගෙන අඳින්න.

පැන්සල් ඉරි ඇඳගත්තාට පසුව
ඉතාම තුනී සායම් වලින් සම්පූර්ණ චිත්‍රයම
ත්‍රිමාණ ගතිය සිතේ තියාගෙන
එළිය අඳුර මගින් ත්‍රිමාණවම අඳිනවා.
මේ අවස්ථාවේ සිටම එළිය අඳුර වෙන් කොට
චිත්‍රය ත්‍රිමාණ කරගැනීම වැදගත්.

වසන්ත මේ සඳහා භාවිතා කරන්නෙ
Poster Colors නම් සායම් වර්ගයයි.
Poster Colors  වලිනුත්
එක තැන වාර ගණනාවක් ඇඳීමෙන්
මඩ වෙන්න පුලුවන්.
Poster Colors  වලින් වැඩ කරන විට
චිත්‍රය වේලුණාට පසුව වුණත්
පිරිසිදු වතුර තියන පින්සලකින්
යම් ප්‍රමාණයකට
වැඩි තැනක් අඩු කරන්න පුලුවන්.

Camel Photo Color සමග
මේ විදියට කරන්න බැහැ.
වරක් තැවරිලා වේලුණොත්
නැවත දිය වෙන්නෙ නෑ.

සියල්ලම අවසාන වූ පසු
වසන්ත සුදු පෝස්ටර් සායමෙන්
දිළිසෙන තැන් අඳිනවා.

Camel Photo Colorවලින්
මම 1991 දි ඇන්ද චිත්‍ර





මේ පිළිබඳව ප්‍රශ්න තියනවා නම්
Comment එකකින් විමසන්න.

No comments:

Post a Comment